කුණු ඇළට පැන්න කුඩු රැජිණ ඇල්ලූ පොලිස් මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

කුණු ඇළට පැන්න කුඩු රැජිණ ඇල්ලූ පොලිස් මෙහෙයුම

කුණු ඇළට පැන්න කුඩු රැජිණ ඇල්ලූ පොලිස් මෙහෙයුම

කදිරාණවත්ත මත්කුඩු රැජින නමින් හැඳින්වෙන 45 හැවිරිදි කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

 

ඒ යුක්තියට සමගාමීව සිදුකළ මෙහෙයුමකදීය. 

 

මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් කාන්තාවගේ නිවස වැටලූ අවස්ථාවේ ඇය අසල වූ කුණු ඇළකට පැන තිබුණාය.

 

පසුව ඇය අත්අඩංගුවට ගත්තේ අමතර පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් පසුවය.

 

රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ඇය සතුව තිබියදී සොයාගැනීමට පොලීසිය සමත්විය.

 

 

views

223 Views

Comments

arrow-up