“හිරවෙලා ඉන්න මගේ පුතා බේරාදෙන්න...” - තම පුතු බේරා දෙන්නැයි මවක් ජනපතිගෙන් කල සංවේදී ඉල්ලීම

මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස හැකි ඉක්මකින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (02) තඹලගමුව ප්‍රදේශයේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ඒ, මියන්මාරයේ සිරවී සිටින පුතෙකු බේරා දෙන්නැයි කඳුළු සලමින් මවක් ජනපති ඉදිරියේ සිදුකළ ආයාචනයකට ප්‍රතිචාර දක්වමින්.
එහිදී ඇය සඳහන් කළේ, "ආරහේ හිරවෙලා ඉන්න මගේ පුතා බේරාදෙන්න..."
ජනාධිපති - " සියලුදෙනාම කතා කරගෙන යනවා... මියන්මාරයේ ආණ්ඩුව එක්ක. මේ අය හිරවෙලා තියෙන තැන මියන්මාර ආණ්ඩුවෙත් පාලනක් නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම් අරගෙන තියෙන්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට කතා කරනගෙන... ඒ අයව ගේන්න කටයුතු කරනවා."
"මම දැන් සති දෙකකට කලිනුත් අපේ ඇමතිතුමාට කතා කළා. ඇමතිතුමා මියන්මාරයේ විදේශ ඇමතිතුමාට කතා කරලා තියෙනවා. ඊට අමතරව අපි තායිලන්තයට කතා කරලා තියෙනවා. මොකද මේගොල්ලෝ තියාගෙන ඉන්නේ මියන්මාරයේ තායිලන්ත මායිම ළඟ."
"ඒ රටවල් දෙකටම අපි කතා කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ. තායිලන්තයේ උදව් හරි අරගන්න සිදු වෙනවා."
288 Views
Comments