අස්වැසුම ගන්න බොරු කියන අයට වැඩ වරදින හැටි මෙන්න

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභින් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, අස්වැසුම පළමු වටයේ සිදු වූ දුර්වලතා මඟ හරවාගෙන තවදුරටත් ශක්තිමත් යාන්ත්‍රණයක් බවට පත් කර ගමේ සහ රටේ සිටින දිලිඳුම සහ දුප්පත් කණ්ඩායම ඉතා හොඳින් තෝරාගැනීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බවය.
මේ අතර, අස්වැසුම වැඩසටහන සඳහා වැරදි තොරතුරු ලබාදුන් 7,000ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එලෙස වැරදි තොරතුරු ලබාදුන් බවට තහවුරු වී ඇති නම්, පනත ප්‍රකාර ව අදාළ පුද්ගලයන්ට නිත්‍යනූකූල ව කටයුතු කිරීම සඳහා කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
270 Views
Comments