FEB
16
කිරි දෙනුන් මසට දැක්වූ තිදෙනෙක් කොටුවෙති

ඉතාමත් අමානුෂික ලෙස ලොරි රථයකින් මී ගවයන් සහ එළදෙනුන් 22 ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු 14 වන දා අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ සිට කඳාන ප්‍රදේශය දක්වා මෙම ගවයින් ප්‍රවාහනය කර ඇති අතර එක් කිරි එළදෙනක් ලොරි රථයේම මිය ගොස් ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
208 Views
Comments