අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

කොළඹ කොටුව තොග වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 30.00 කින් පහත වැටි තිබේ. ඒ අනුව රුපියල් 360.00 ක් ලෙස පැවති පරිප්පු කිලෝවක මිල රු:330.00 ක් ලෙස සංශෝධනය වී ඇත.

 

ආනයනික සුදු සිනී කිලෝවක මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215.00 ක් ලෙසයි. මේ වන විට තොග වෙළෙඳපොළේ ආනයනික අල කිලෝවක මිල රුපියල් 100.00 ක් සහ බී ලූනු කිලෝවක මිල රුපියල් 110.00 ක් ලෙස පවතී.

 

කෙසේ වෙතත් රුපියල් 215.00 ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 230.00 දක්වා ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

views

264 Views

Comments

arrow-up