ශිෂ්‍යත්ව අයදුම්පත් බෑ.. උසස් පෙළ අයදුම්පත් පමණක් යොමු කිරීමට වෘත්තීය සමිති එකඟ වේ

එළඹෙන 21වනදා වෙනවිට අපොස උසස් පෙළ විභාග ඉල්ලුම් පත්‍ර පමණක් යොමු කර අවසන් කිරීමට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින විදුහල්පතිවරුන් තීරණය කර තිබෙනවා.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය පසුගිය 15 වනදායින් අවසන් වූ අතර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති විසින් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැත.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කරන දරුවන් 243,704ක් සිටී.
උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 249,841 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ අයදුම්පත් පමණක් විදුහල්පතිවරුන් විසින් සකසනු ඇත.
1512 Views
Comments