යකඩ යකා ජීවිත දෙකක් බිලිගනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

යකඩ යකා ජීවිත දෙකක් බිලිගනී

යකඩ යකා ජීවිත දෙකක් බිලිගනී

දුම්රියේ ගැටී සහ දුම්රියෙන් වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (19) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය.

 

ඒ අනුව පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකු දුම්රියේ ගැටී ජීවිත්ක්ෂයට පත්ව තිබේ.

 

ඔහු විසින් ඊයේ (19) අලුයම් කාලයේදී එම දුම්රිය මාර්ගය පරික්ෂා කරන අවස්ථාවේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ දියතලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ අතර ඊයේ උදෑසන කාලයේදී උයිලංකුලම පොලිස් වසමේ සිරිනාවක්කුලම ප්‍රදේශයේදී දුම්රියකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට උයිලංකුලම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරු සිරිනාවක්කුලම් දුම්රිය ස්ථානයේදී තලෛ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට තම පවුලේ ඥාතීන් පිරිසක් නංවා නැවත දුම්රිය ගමන් කිරීමට යන අවස්ථාවේදී එයින් බැසීමට උත්සාහ දරා ඇති බවය.

 

එහිදී එම පුද්ගලයා දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා මන්නාරම රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

views

55 Views

Comments

arrow-up