ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා චීනයේ පූර්ණ සහාය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා චීනයේ පූර්ණ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පවසයි.

 

ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

එහිදී ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත තානාපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමා තිබේ.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.  

 

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී ඔහු විසින් අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් වෙයි.

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබාදෙන බවට ද තානාපතිවරයා මෙහිදී තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

views

187 Views

Comments

arrow-up