මහවැලි ගඟේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

මහවැලි ගඟේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

මහවැලි ගඟේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 

මෙම තරුණයින් ඊයේ (25) දහවල් දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් ඇත.

 

එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

මෙලෙස අතුරදන් වී ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

 

අතුරුදන් වු තරුණයින් දෙදෙනා සෙවීමේ කටයුතු පොලීසිය සහ නාවික හමුදාව එක්ව  සිදුකරනු ලබයි. 

 

මෙම තරුණයින් අතරින් එක් අයකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඇය ගෙනවිත් තිබූ විදෙස් මත්පැන් බෝතලයක් මෙම තරුණයන් විසින් පානය කිරීමෙන් පසුව ගඟට බැස ඇති බව වාර්තා වේ.

views

156 Views

Comments

arrow-up