මරණයකින් අවසන්වූ බහින්බස්වීම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

මරණයකින් අවසන්වූ බහින්බස්වීම

මරණයකින් අවසන්වූ බහින්බස්වීම

ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.

 

එම අවස්ථාවේ දී සැකකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු එම අවස්ථාවේ දී බීමත්ව සිට ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

178 Views

Comments

arrow-up