රාජ්‍ය නිළධාරීන් 9ක් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

රාජ්‍ය නිළධාරීන් 9ක් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරයි

රාජ්‍ය නිළධාරීන් 9ක් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරයි

රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ. 

 

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මෙලෙස ඉවත් කළ බවය.

 

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන  බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණි.

 

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබේ.

views

175 Views

Comments

arrow-up