වසර 2කට පෙර සිදුවූ අනතුරේ මිලියන ගණනක අලාභය ගෙවූ පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

වසර 2කට පෙර සිදුවූ අනතුරේ මිලියන ගණනක අලාභය ගෙවූ පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන

වසර 2කට පෙර සිදුවූ අනතුරේ මිලියන ගණනක අලාභය ගෙවූ පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන

තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට ඉකුත්දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබේ.

 

ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මෙනවිය පැවසුවේ, බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් ඉකුත් 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවය.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබේ.

 

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස සහන් ප්‍රදීප් විතාන මහතා වෙත ලබාදී ඇත.

 

එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්වී තිබුණි.

 

එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද පැවසෙයි.

 

එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ඉල්ලීමක් කළ ද එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවද ලේකම් ධම්මිකා කේ. විජේසිංහ මෙනෙවිය පැවසුවාය.

views

182 Views

Comments

arrow-up