බැසිල් රාජපක්ෂ “රන් මාවතින්” රටින් පිටවෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද(20) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ඔහු අද අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු ඩොලර් 206ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ” රන් මාවත ” පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන තිබුණි.
185 Views
Comments