තරුණ තරුණියන් රවටා කෝටි ගණන් මුදල් ඉපැයූ විදේශ රැකියා ආයතන හිමිකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

තරුණ තරුණියන් රවටා කෝටි ගණන් මුදල් ඉපැයූ විදේශ රැකියා ආයතන හිමිකරු අත්අඩංගුවට

තරුණ තරුණියන් රවටා කෝටි ගණන් මුදල් ඉපැයූ විදේශ රැකියා ආයතන හිමිකරු අත්අඩංගුවට

ඇටෝනි බලපත්‍රයක් අවභාවිතා කර කලක පටන් කුරුණෑගල නගරයේ විදේශ රැකියා ආයතනයක් පවත්වා තරුණ තරුණියන් රවටමින් රුපියල් කෝටි ගණනක මුදල් ඉපැයූ රැකියා ආයතනයක හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

කුරුණෑගල නගරය ආසන්නයේ දඹුල්ල මාර්ගයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය ඒජන්සිකරු තරුණ තරුණියන් 41 කට විදේශ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් වංචා කල සිදුවීමක් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ සහ කුරුණෑගල මුලස්ථාන පොලිසියේ නිලධාරින් සමඟ එක්ව අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ.

 

දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් 41 දෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිලි 41ක් සහ කුරුණෑගල මූලස්ථාන පොලිසියට සිදුකල පැමිණිලි 11ක් ඉදිරිපත් කිරීම මත සැකකරු හලාවත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

views

1008 Views

Comments

arrow-up