නිදහස් පක්ෂයත් පොහොට්ටුවෙන් ගැලවෙන ලකුණු..?

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කර තිබේ.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාල දී එම රැස්වීම පැවැත්විණි.
යෝජනාව සම්මත වීමෙන් පසු දුමින්ද දිසානායක මහතාද සඳහන් කරන ලද්දේ ප‍්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස බිම් මට්ටමට ඇහුම්කම් දෙන බවයි.
ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනම තරඟ වීම සඳහා ගම් මට්ටමින් සංවිධානය වන ලෙසද ඔහු පාක්ෂිකයන්ට දැනුම් දුන්නේය.
852 Views
Comments