සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්න එපා - නීතිපති අධිකරණයට දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්න එපා - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්න එපා - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

මේ මොහොතේ සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

 

එම පියතුමන් විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

 

සිරිල් ගාමිණී පියතුමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම පියතුමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුනු නමුත් අවස්ථා දෙකකදීම ඔහු එය මග හැර තිබෙනවා.

 

මේ අතර සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අද පෙරවරුවේ අධිකරණය ඉදිරිපිට කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවයක ද නිරත විය.

views

765 Views

Comments

arrow-up