සිසු ගැටුම අතරතුර පිහි ඇනුමක් - පිහිපහර කෑ ශිෂ්‍යයාට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

සිසු ගැටුම අතරතුර පිහි ඇනුමක් - පිහිපහර කෑ ශිෂ්‍යයාට බරපතළයි

සිසු ගැටුම අතරතුර පිහි ඇනුමක් -  පිහිපහර කෑ ශිෂ්‍යයාට බරපතළයි

පාසල් සිසුන් දෙපිරිසක් අතර කඩුවෙල පහළ බෝමිරිය ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුමක් අතරතුර එක් සිසුවකු පිහිඇනුමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබේ.

 

පසුගිය බ‍්‍රහස්පතින්දා(22) සවස ගනේවත්ත වෙල්යාය අසලදී පිහි ඇනුම සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ තිදෙනකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් බෝමිරිය, බෝවිල පාර ප‍්‍රදේශයේ පදිංචි අයවේ.

 

පහරකෑමට ලක්ව රෝහල් ගතකොට ඇත්තේ පහළ බෝමිරිය ප‍්‍රදේශයේ පදිංචි අදිශ කල්හාර නමැති සිසුවෙකි.

 

මෙම ගැටුමට සම්බන්ධ සියලුදෙනා බෝමිරිය ප‍්‍රදේශයේ පාසැල් දෙකක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වසරවල ඉගනුම ලබන වයස 16 සිට 19 දක්වා වයස්වල පසුවන්නන් වෙති.

 

පිහි ඇනුම සිදුකල සැකකාර සිසුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සලකා බලා දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

views

908 Views

Comments

arrow-up