ළමා නිවාසයක ළමුන් 23කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ළමා නිවාසයක ළමුන් 23කට කොවිඩ්

ළමා නිවාසයක ළමුන් 23කට කොවිඩ්

මඩකලපුව කලවන්චිකුඩි පොලිස් වසමට අයත් කළුතාවලෙයි ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක ළමුන් 23කට කොවිඩ් 19 ආසදනය වී තිබේ. 

 

එම ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. මයුරන් මහතා පැවසුවේය.

 

ඒ අනුව අවදානම සලකාබලා ළමා නිවාසය තාවකාලිකව වසා දමා පිරිස නිරෝධායනයට යොමුකර ඇත.

 

ළමා නිවාසයේ දරුවන් පිරිසකට උණ පැවතීම හේතුවෙන් කලවන්චිකුඩි රෝහලේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව ප්‍රථමයෙන් හඳුනාගෙන තිබේ.

 

ඊට අමතරව ළමා නිවාසයේ එක් සේවකයෙකුටද කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇත.

views

792 Views

Comments

arrow-up