බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුට වැඩ වැරදුණු හැටි

බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුට වැඩ වැරදුණු හැටි

බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16 වැනිදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට ලබන 23 වැනිදා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

 

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීවරයාගේ සේවය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

views

140 Views

Comments

arrow-up