අනියම් බිරිඳ සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

අනියම් බිරිඳ සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

අනියම් බිරිඳ සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

බේරුවල - වලතර ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

ඊයේ (11) රාත්‍රී කාලයේ මෙම ආරවුල සිදු වී ඇති අතර තුවාල ලැබු පුද්ගලයෙකු වැටී සිටින බවට බේරුවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තුවාලකරු කඩිනමින් බේරුවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විට තුවාලකරු මියගොස් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

පොලීසිය පැවසුවේ අනියම් බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනියම් බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදි අනාවරණය වී ඇති බවය..

 

මියගොස් ඇත්තේ  අවුරුදු 38 ක් වන වලතර, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

වයස අවුරුදු 42ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

views

79 Views

Comments

arrow-up