අත්අඩංගුවට ගෙන ඇප හිමිවූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

අත්අඩංගුවට ගෙන ඇප හිමිවූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ කියූ කතාව

අත්අඩංගුවට ගෙන ඇප හිමිවූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ කියූ කතාව

මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළේය. 

 

වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

 

පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 7ක් නිකුත් කර තිබූ බවයි.

 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බව පොලීසිය මෙහිදී සඳහන් කළේය.

 

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් පැවසූහ.

 

 

views

86 Views

Comments

arrow-up