ජනපති අනුර වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුවය.
ඒ අනුව ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා අතර සාකච්ඡා ආරම්භ වූ අතර මේ සඳහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්විය.
සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ඉතා වැදගත් බවත් එය වියට්නාම - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 55 වන සංවත්සරය සනිටුහන් කරන බවත්ය.
ඉදිරි කාලයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව වඩාත් වැදගත් හා ඵලදායි කිරීම සඳහා සහයෝගීතාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම දෙරට අතර ඵලදායී හා සාර්ථක හමුවක් පැවැත්වූ බවත් පැවසූ වියට්නාම ජනාධිපතිවරයා පැවසුවේ දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාවය අගය කිරීමේ ප්‍රතිපත්තිය නැවත තහවුරු කළ බවය.
82 Views
Comments