නීතිවිරෝධීව එකලස් කළ බවට සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

නීතිවිරෝධීව එකලස් කළ බවට සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් හමුවෙයි

නීතිවිරෝධීව එකලස් කළ බවට සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් හමුවෙයි

නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ.

 

ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

 

වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවය.

 

අනතුරුව වරින් වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් විසින් ගෙනත් දුන් බවද ඔහු පවසා තිබේ.

 

ඒ අනුව මෙම රථය මෙම ස්ථානයට ලබා දුන් බව කියන එම විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලීසිය පැවසීය.

 

මේ වන විට අදාළ ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලීසිය වෙත භාර දී තිබේ. 

views

137 Views

Comments

arrow-up