පවතින අධික වර්ෂාපතනය සමඟ දිවයිනේ ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

පවතින අධික වර්ෂාපතනය සමඟ දිවයිනේ ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ඉහලට

පවතින අධික වර්ෂාපතනය සමඟ දිවයිනේ ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ඉහලට

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවය. 

 

මේ හේතුවෙන් දිවයිනේ ජලාශ 73න් 23ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් බොහොමයක් මේ වන විට වාන් දමමින් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 

අම්පාර, අනුරාධපුර, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජලාශවල ජල ධාරිතාව මේ වන විට 50% ඉක්මවා වාර්තා වී ඇති බවත් එහි සඳහන් වේ.

 

එමෙන්ම හම්බන්තොට, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවල 80%කට වැඩි ජල ධාරිතාවක් වාර්තා වී තිබේ. 

 

පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජල ධාරිතාව 70%කට ආසන්න අගයක් ද ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 45%කට ආසන්න ජල ධාරිතාවකට ද පත්ව තිබේ.

 

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73හි මුළු ජල ධාරිතාව 65%ක් ඉක්මවා ගොස් ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.

views

146 Views

Comments

arrow-up