අනියම් පෙම ජීවිත දෙකක් බිලිගනී - තවත් කාන්තාවකට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

අනියම් පෙම ජීවිත දෙකක් බිලිගනී - තවත් කාන්තාවකට තුවාල

අනියම් පෙම ජීවිත දෙකක් බිලිගනී - තවත් කාන්තාවකට තුවාල

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

 

ඊයේ (18) උදෑසන කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ මොරවැව පොලිස් වසමේ වන්නකුලම් ප්‍රදේශයෙනි.

 

එලෙස මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 

මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

 

මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

 

තුවාලකාරිය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

 

මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

 

views

158 Views

Comments

arrow-up