මෙම වසරේ මුල් මාස දහය තුල සංචාරක කර්මාන්තයෙන් වාර්තාගත ආදායමක්

මේ වසරේ (2024) මුල් මාස දහයේ දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,533.7 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය සියයට 59 ක කැපීපෙනෙන වැඩිවීමකි.
මේ අතර 2024 ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6 ක සංචාරක ආදායමක් ද උපයා ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 වසරේ මුල් මාස දහයේ දී විදෙස් සංචාරකයින් මිලියන 1.62 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
166 Views
Comments