හිටපු මැකොගෙ නිවසට හොරු පනී - ගෑස් ටැංකිය සහ රූපවාහිනිය උස්සන් ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

හිටපු මැකොගෙ නිවසට හොරු පනී - ගෑස් ටැංකිය සහ රූපවාහිනිය උස්සන් ගිහින්

හිටපු මැකොගෙ නිවසට හොරු පනී - ගෑස් ටැංකිය සහ රූපවාහිනිය උස්සන් ගිහින්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පිහිටි නිවසට ඇතුල්වී වටිනා උපකරණ කිහිපයක් සොරකම් කර ඇතැයි පසුගිය 23 අම්බලන්ගොඩ පොලිසිය පැමිණිල්ලක් ලැබී තිබේ.

 

ගතවූ දින කිහිපයේ දේශප්‍රිය මහතා නිවසේ සිට නැති අතර 23දා නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ ප්‍රධාන දොරටුවට අලාභහානි කර ඇති ආකාරය දැක පරීක්ෂා කරද්දී නිවසේ තිබූ රූපවාහිනිය, ගෑස් සිලින්ඩරය ඇතුළු උපකරණ කිහිපයක් නැති බවට තහවුරුවීමෙන් පසු සිද්ධිය පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියට දැනුම්දී තිබේ.

 

ඉදිරිපස දොර කඩා සොරු නිවසට ඇතුලු‍වී ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මීට පෙර අවස්ථා දෙකකදීද මෙම නිවසට සොරු ඇතුළුවී වටිනාදෑ සොරාගෙන ගොස් ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

 

සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

144 Views

Comments

arrow-up