මිලියන 75ක් කොල්ලකෑ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

මිලියන 75ක් කොල්ලකෑ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

මිලියන 75ක් කොල්ලකෑ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

මුදල් කොල්ලකෑමක් සම්බන්ධව අව්‍යශ කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

 

මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ රුපියල් කෝටි 7 1/2ක් සොරකම් කර එම රථයෙන්ම පළා ගොස් තිබේ.

 

අදාළ වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටියදී සොයාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

 

ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් වේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

01.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - ගම්පහ - 0718591608
02.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - ගම්පහ දිස්ත්‍රික් (I) - 0718591610 

views

163 Views

Comments

arrow-up