මත්කුඩු ජාවාරමේ යෙදුණු මත්ලෝලි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

මත්කුඩු ජාවාරමේ යෙදුණු මත්ලෝලි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයා අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ යෙදුණු මත්ලෝලි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයා අත්අඩංගුවට

අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකු, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනුරාධපුර අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී, හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙකි.

 

සැකකාර නීතිඥවරයා, සිය වෘත්තීය උපයෝගී කර ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්, එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර රැඳවියන්ට ලබාදෙන පුද්ගලයකු බව පොලිසිය කියයි.

 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ නඩුවලට පෙනී සිටින මුවාවෙන්, ඔවුන් උසාවියට රැගෙන එන අවස්ථාවලදී ඔවුන් ළඟට සමීප වෙමින් හෙරොයින් මත්කුඩු, ගංජා, බීඩි, සිගරැට් සහ දුම්කොළ මෙම නීතිඥවරයා විසින් රැඳවියන්ට ලබාදෙන බව අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.

 

සැකකාර නීතිඥවරයා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටි මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

views

143 Views

Comments

arrow-up