අවසන් රැළියේදී හිටපු ඇමති රිෂාඩ්ගේ සහ හිටපු රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් ගැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

අවසන් රැළියේදී හිටපු ඇමති රිෂාඩ්ගේ සහ හිටපු රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් ගැටෙයි

අවසන් රැළියේදී හිටපු ඇමති රිෂාඩ්ගේ සහ හිටපු රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් ගැටෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ.

 

ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන්  පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

 

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

 

රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන්ගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් ගමන්ගත් වාහනය වෙත පහරදී තිබේ.

 

අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.

 

ගැටුම අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ අතර, දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

 

ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

රිෂාඩ් බදියුදීන් සමගි ජන සන්ධානය නියෝජනය කරමින් හා කාදර් මස්තාන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.

views

168 Views

Comments

arrow-up