NOV
19
නවගමුව රෝහලේ ඖෂධ සහ උපකරණ ගබඩාවක ගින්නක්

නවගමුව ප්‍රදේශීය මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ඖෂධ සහ උපකරණ ගබඩාවක ඊයේ (18) උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
නවගමුව පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන හමුදා ඒකකය විසින් එම ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් ගින්නෙන් සිදුවූ අලාභය තක්සේරු කරන බවයි, නවගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
140 Views
Comments