දස වැනි පාර්ලිමේන්තු සමාරම්භක උත්සවය චාම්ව පැවැත්වීමට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

දස වැනි පාර්ලිමේන්තු සමාරම්භක උත්සවය චාම්ව පැවැත්වීමට උපදෙස්

දස වැනි පාර්ලිමේන්තු සමාරම්භක උත්සවය චාම්ව පැවැත්වීමට උපදෙස්

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන නොවැම්බර් 21 වන දින පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතව තිබේ.

 

එහි උත්සව කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඇය මේ බව පැවසුවාය. 

 

"පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග උත්තමාචාර වෙඩිමුර සමග ජයමංගල ගාථා ගැයීම සම්ප්‍රදායයි.  නමුත් මෙහිදී ඉතා චාම්ව මේ උත්සවය සිදු කිරීමට අපිට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාව පැළඳුම් කාමරයට කෙලින්ම කැඳවාගෙන යාමට නියමිතයි. විනාඩි කිහිපයක් එහි අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු පැළඳුම් කාමරයේ සිට එතුමාව පෙරහැරින් සභාගර්භය කරා කැඳවාගෙන යනවා. මූලාසනයේ වාඩි වෙලා තමයි ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිත වන්නේ."

views

132 Views

Comments

arrow-up