රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත

රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

 

එම මධ්‍යස්ථානය ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඩී ලාල්කාන්ත මහතා,

 

"අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේ දී එන අයවැයේ දී අපිට රු 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. හරි නිශ්චිතයි කාරණය. රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයටත් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවට මේ රු 10,000 වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිත ගැට ගසා ගන්න විශ්‍රාමිකයින්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍යයි. මෙතැනින් ඉදිරියට අයවැය දක්වා ම අපිට රු10,000ලැබෙනවා කියලා සහතින වෙනකල් ම අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා ම ගෙනියන්න තීරණය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි, තමන් විවිධ ක්‍රමවලට එකතු කර ගත්ත ධනය දේපළ ඒවා රජයට පවරාගෙන හරි ඉතිරි අවුරුදු 2,3,4 බලයේ ඉන්න ඕනේ නම් පාලකයන්ට අනිවාර්යයෙන් සිදුවෙනවා මේ ඉල්ලීම් ඉටුකරන්න."

views

904 Views

Comments

arrow-up