බාලවයස්කාර දැරිය දූෂණය කළ අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

බාලවයස්කාර දැරිය දූෂණය කළ අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියා අත්අඩංගුවට

බාලවයස්කාර දැරිය දූෂණය කළ අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා යටතේ බදුල්ලේ දී අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා නියෝග කළේය.

 

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 28 හැවිරිදි අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියෙකු වන අදාල සැකකරු ප්‍රේම සබඳතාවක් පැවැත්වූ දැරියව අස්වාභාවික අන්දමින් බරපතළ ලෙස ලිංගික අතවරයට ලක්කොට ඇති බව අනාවරණය විය.

 

බදුල්ල නඩුකාරකන්ද පිහිටි නිවාඩු නිකේතනයකට ගෙන ගොස් දැරියට මත්පැන් පානය කිරීමටදී අතවරයන් සිදුකර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර ඇත.

 

දැරිය බදුල්ල සොරණාතොට හිරිතලයාය ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පියා අනුරාධපුර ප්‍රදේශයේ කුලී රැකියාවක නිරත අතර සහෝදරියක් හා මව සමඟ ඇය නිවසේ සිට ඇති බවත් පොලීසිය පවසයි.

 

දැරියගේ අස්වාභාවික හැසිරීම නිසා මව විසින් ප්‍රශ්න කර ඇති අතර එහිදී දැරිය සිදුවීම පිළිබඳව අනාවරණය කර ඇත.

 

දැරියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත්කොට ඇත.

views

840 Views

Comments

arrow-up