යාල ඉඩම් ගැන සජිත්ගෙන් අනතුරු ඇගවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

යාල ඉඩම් ගැන සජිත්ගෙන් අනතුරු ඇගවීම්

යාල ඉඩම් ගැන සජිත්ගෙන් අනතුරු ඇගවීම්

රටේ ප්‍රමුඛ පෙළේ ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් අත්පත්කර ගැනීමේ කිසිදු පියවරකට තමන් එකග නොවන අතර නොදන්නා අරමුණු සදහා රජය විසින් යාල වනෝද්‍යානයෙන් අක්කර 12000ක් අල්ලා ගැනීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

 

 

ඔහු තවදුරටත් කියා සිටියේ ජාතික වනෝද්‍යානය හරහා ආකාස චෛත්‍යය දක්වා මාර්ග ඉදිකිරීමට නියමිත බවත්, එවැනි නීති විරෝධී ක්‍රියාවකට තමා විරුද්ධ වන බවත්, රජය විසින් කර ඇති ඉල්ලීම වළැක්වීමට විපක්ෂය උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

 

 

විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය මිනිසාගේ සහ සතුන්ගේ යුක්තිය වෙනුවෙන් සටන් කරන සංවිධානයක් වන පරිසර යුක්තිය පිළිබඳ සංවිධානය තහවුරු කළ අතර මෙවැනි පියවර ගැනීම සත්ව හා ශාක ආරක්ෂණ පනතට විරුද්ධ බවද සමානාත්වය හා යුක්තිය පිළිබඳ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ විතානගේ මහතා පවසා සිටියේය.

views

724 Views

Comments

arrow-up