යුවාන් වැන් 5 හම්බන්තොට ඇතුළුවීම ප්‍රමාද කරන්න - ශ්‍රී ලංකා රජය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

යුවාන් වැන් 5 හම්බන්තොට ඇතුළුවීම ප්‍රමාද කරන්න - ශ්‍රී ලංකා රජය

යුවාන් වැන් 5 හම්බන්තොට ඇතුළුවීම ප්‍රමාද කරන්න - ශ්‍රී ලංකා රජය

එළැඹෙන 11 වන දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීන යුවාන් වැන් 5 අභ්‍යවකාශ පරීක්ෂණ නෞකාව එම දිනයේ හම්බන්තොට වරායට ඇතුල් කිරීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා රජය මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාදෙන තෙක් යුවාන් වැන් 5 නෞකාව වරාය ඇතුලත් කරන දිනය කල් දමන ලෙසට චීන තානාපති කාර්‍යාලයට දැනුම් දී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

ඒ චීන යුවාන් වැන් 5 අභ්‍යවකාශ පරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති පසුබිමකයි.

 

යුවාන් වැන් 5 චීනයේ ජියැංඉන් වරායෙන් ගමන් ආරම්භ කළේ පසුගිය 13 වනදා වන අතර එය එළඹෙන 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ සඳහා මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර ද හිමිව තිබුණි.

 

views

254 Views

Comments

arrow-up