පුංචි අම්මාගේ හිරිහැර ඉවසනු නොහැකිව 14 හැවිරිදි දරුවා කිලෝ මීටර් 200ක් අම්මා සොයා පාපැදියෙන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

පුංචි අම්මාගේ හිරිහැර ඉවසනු නොහැකිව 14 හැවිරිදි දරුවා කිලෝ මීටර් 200ක් අම්මා සොයා පාපැදියෙන් යයි

පුංචි අම්මාගේ හිරිහැර ඉවසනු නොහැකිව 14 හැවිරිදි දරුවා කිලෝ මීටර් 200ක් අම්මා සොයා පාපැදියෙන් යයි

සුලු‍ මවගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14ක පිරිමි දරුවෙකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200කට අධික දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා තම බාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

 

මෙලෙස පොලිස් බාරයට ගෙන තිබෙන්නේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරක පිරිමි දරුවෙකි.

 

වව්නියාව, කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ පාපැදියක නැගී කුඩා දරුවෙකු ගමන් කරනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ ඇතිවූ සැකය මත කැබිතිගොල්ලෑව මූලස්ථාන  පොලිසියට කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසියි මෙම දරුවා පොලිස් බාරයට ගෙන ඇත.

 

දරුවාට අවශ්‍යය කෑමබීම මෙන්ම රැකවරණය ලබාදීමට ක්‍රියා කිරීමෙන් පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි තම සුලු‍ මව විසින් දිනපතාම සිදුකරන අඩන්තේට්ටම් හා හිරිහැර දරාගත නොහැකිව වාලච්චේන ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට පාපැදියෙන් ගමන් කිරීමට මෙම දරුවා තීරණය කළ ඇති බවයි.

views

404 Views

Comments

arrow-up