අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඌවපළාතෙත් මඩකලපුව, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ .දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිටමද වශයෙන් රළු දක්වා විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
212 Views
Comments