රජයේ සේවකයින් විශ්‍රාම යන වයස යළි අඩු කරයි

රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අතුරු අයවැය යෝජනාවලිය තුළ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අඩු කිරීමට යෝජනා කර ඇති බවත් එම අඩුවන වයස අවුරුදු 55 හෝ 60 යන්න කිව නොහැකි බවත්ය.
රාජ්‍ය සේවයේ පිරිස් අවුරුදු 60න් විශ්‍රාම යෑම පසුගිය 2022 වසරේ ජනවාරි සිට 65 දක්වා දීර්ඝ කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පියවර ගෙන තිබිණි.
366 Views
Comments