ඇමතිකම් ඕන නම් ඉක්මන්ට කියන්න - ගෝඨාභය සජිත්ට දන්නයි

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.
නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන් මුලින්ම ආරාධනා කළේ සජිත් ප්‍රේමදාසට වූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා අනෙකුත් පක්ෂ සමඟත් සාකච්ඡාකිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමට තමන් කටයුතු කළ බවයි ජනාධිපතිවරයා එහි පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම, පවතින දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා තම ලිපියෙන් සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබෙනවා.
669 Views
Comments