JAN
21
පන්දාහකට බොම්බයක් විකුණන්න හැදූ අයෙක් අත්අඩංගුවට

රුපියල් 5000ක මුදලකට බෝම්බයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කැස්බෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ "මොරටුමුල්ලෙ ඔස්කා" නමැති අයෙකු බවය.
මොරටුමුල්ලේ ප්‍රදේශයේ අයෙකු බෝම්බයක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයමින් සිටින බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එහිදී පොලිසිය උපාය දූතයෙකු යොදවා බෝම්බය මිලදී ගන්නා බව පවසා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරයි.
651 Views
Comments