ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලැබේ.
ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුනුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ.
බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවය.
අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලබන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සදහන් කළේය.
මේ අතර පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම පැවැත්විය.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විය.
55 Views
Comments