තරු පහේ හෝටලයේ දින 18ක් රැඳී සිටි හිමි නමක් ලක්ෂ 05 කට අධික බිල නොගෙවා පලා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

තරු පහේ හෝටලයේ දින 18ක් රැඳී සිටි හිමි නමක් ලක්ෂ 05 කට අධික බිල නොගෙවා පලා යයි

තරු පහේ හෝටලයේ දින 18ක් රැඳී සිටි හිමි නමක් ලක්ෂ 05 කට අධික බිල නොගෙවා පලා යයි

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක දින 18ක කාලයක් නවාතැන් ගෙන රුපියල් 527,820ක මුදලක් නොගෙවා පලා ගිය හිමිනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම හිමිනම පසුගිය අගෝස්තු 31 වනදා එම හෝටලයට පැමිණ නවාතැන් ගැනීමට අවශ්‍ය බව පවසා එහි දින 18ක කාලයක් රැඳී සිට තිබේ.

 

පසුව හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ.

 

එහි දී හිමිනම හෝටලයට දන්වා ඇත්තේ තමන් අදාළ මුදල ගෙවන බවයි.

 

නමුත් උන්වහන්සේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් පසු සිය විහාරස්ථානය වෙත යෑම හේතුවෙන් හෝටල් පාලනාධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

 

views

251 Views

Comments

arrow-up