ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වේ

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වේ

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වූ බවයි.

 

ස්පොට් චේන් යැයි පිරමීඩ ආකාරයේ මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි ලැබී තිබුණු අතර ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී කීර්ති බණ්ඩාර නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු, ඔහු සමඟ සම්බන්ධ චීන ජාතිකයෙකු හා ඔහුගේ පෙම්වතිය වැන් නැමැති කාන්තාවක් විසින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.

 

චීන ජාතිකයන් දෙදෙනා රටෙන් පිට වීමට උත්සාහ කළ අවස්ථාවේ දී පසුගිය සැප්තැම්බර් 12 වනදා කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

 

සැකකරුවන් 2020 සිට මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,400කට වැඩි මුදලක් වංචා කර ඇතැයි වාර්තා වේ.

 

views

386 Views

Comments

arrow-up