ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරියේ දී ඩෙංගු රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

 

ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.

 

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන්  61,391 දෙනෙක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වල දැක්වේ.

 

ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්ක වලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

 

views

206 Views

Comments

arrow-up