පොල්හේන මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

පොල්හේන මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරේ

පොල්හේන මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරේ

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හිමි පොල්හේන මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරී ඇති බව වාර්තා වේ.

 

පෙරේදා (26) දිනයේ සිට මෙලෙස මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරී ඇතැයි වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නාරා ආයතනයේ නිලධාරීන් ද ඊයේ (27) පොල්හේන වෙරළ තීරයට පැමිණ තිබුණි.

 

ඔවුන් පැවසූයේ අසාමාන්‍ය ඇල්ගී වර්ගයක් වර්ධනය වීම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය කොළ පැහැයට හැරී ඇති බවයි.

 

views

262 Views

Comments

arrow-up