ජල බිලට පොලු තැබූ දේශපාලකයින් 60කගේ වතුර කැපෙයි

ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනෙකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.
ජල බිල මෙසේ ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් වෙති.
මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණයවී තිබේ.
විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලා ගෙන යන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු කීවේය.
223 Views
Comments