AUG
14
පෙට්‍රල් සොරකමේ ආ දරුවා කලුවර නිසා දැල්වූ ගිනිකූරෙන් සිරුරට හා යතුරු පැදියට ගිනි

යතුරු පැදියකින් පෙට්‍රල් සොරකම් කිරීමට යාමේදී ගිනි ඇවිලුණු පුවතක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තාවේ.
නිවසක් ඉදිරිපස නවතා තිබූ යතුරුපැදියක පෙට්‍රරල් සොරෙන් ලබාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස යතුරුපැදියටද ගිනිගෙන ඇති අතර සොරකමේ පැමිණි 15 හැවිරිදි දරුවෙකුගේ සිරුරටද ගිනි ඇවිළී තිබේ.
එම දරුවා මීට පෙරද නිවෙස්වල භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධි කිහිපයක් කර ඇති බවයි වාර්තාවේ.
පැවැති අඳුර හේතුවෙන් දරුවා ගිනි කූරක් ගසා පෙට්‍රරල් සොරකම් කිරීමට උත්සාහ කොට ඇති අවස්ථාවේ යතුරුපැදිය ගිනි ගැනීමට ලක්ව ඇති බව අනාවරණයවේ.
283 Views
Comments