විදෙස් යුවලකට වැඩි මිලට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

විදෙස් යුවලකට වැඩි මිලට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් යුවලකට වැඩි මිලට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

දුම්රිය ප්‍රවේශ පත්‍රයක් විදේශ ජාතික යුවලට අන්තර්ජාලය ඔස්සේ වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ මහනුවර දුම්රියපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

 

සැකකරු රුපියල් 2,600ක් වටිනා දුම්රිය ප්‍රවේශ පත්‍රයක් රුපියල් 7,300කට විදෙස් ජාතික යුවලකට අලෙවි කර ඇති බව වාර්තා වේ.

 

මහනුවර පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී සැකකරු සතුව තිබී තවත් වෙන්කර ගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ද සොයාගෙන තිබේ.

 

මහනුවර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

253 Views

Comments

arrow-up