කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් පොලිස් දැලේ

කැනඩාවේ රැකියා සහ වීසා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියක් ලක්ෂ 05 සිට ලක්ෂ 20 දක්වා මුදල් ලබාගෙන වංචා කොට ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ දිනයේ මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විදෙස් සේවා නියුක්ති කාර්යාංශය වෙත භාර දෙන ලදී.
සැකකරුවන්ගේ වංචා වලට හසු වූ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් පමණ පැමිණිලි ඇති ලැබී ඇති බවත් එම පැමිණිලි විමර්ශනය කිරීම හරහා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද බවත් පොලිසිය සදහන් කොට සිටී.
මෙයින් එක් පුද්ගලයෙක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් වන අතර ඔහු ප්‍රධාන සැකකරුට මෙම ජාවාරම සඳහා ආධාර අනුබල ලබා දී ඇති බව සඳහන් වේ.
සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
217 Views
Comments